Type Here to Get Search Results !

පොලිස් සැරයන්ගේ පවුලේ 02කට කොරෝනා.. ආමර් වීදිය පොලිසියේ 16ක් නිරෝධායනයට..


ආමර් විදිය පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරීන් 16ක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

එම පොලිසියට අනුයුක්තව ආමර් වීදිය පොලිස් මුරපලේ සේවය කරන සැරයන් වරයෙකුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට වෛරසය ආසාදිතවීම නිසා මෙම පියවර ගෙන තිබේ.

මේ නිසා පැය කිහිපයකට පොලීසිය සම්පූර්ණයෙන්ම වසා විෂබීජ හරනයට කටයුතු කර ඇත.

නිරෝධායනය කරන ලද පොලිස් නිලධාරීන් වෙනුවට වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කරමින් නැවත පොලිසියේ කටයුතු ආරම්භ කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads