Type Here to Get Search Results !

කොළඹ නාවික තටාංකාගණයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා : වෛරසය ව්‍යාප්ත වූ හැටි හෙළිවෙයි


කොළඹ නාවික තටාංකාගණයේ සේවයේ නියුතු සේවකයින් 05 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට මේ වන විට හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. එම සේවකයින් 05 දෙනා ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විටත් බුද්ධි අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කර ගෙන ඇති බවත් ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

කොළඹ නාවික තටාංකාගණයේ වාර්තා වූ මෙම කොරෝනා ව්‍යාප්තිය සිදුවීම මතුගම බස් රථය හා සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව යුද හමුදාපතිවරයා මෙහිදී කියා සිටියා. මතුගම ප්‍රදේශයේ බස් රථයක හිමිකරු, රියදුරු, කොන්දොස්තර සහ එහි ගමන් කළ කොළඹ ජාතික රෝහලේ හෙදියකට මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබු බවත් මෙම නාවික තටාංකාගණයේ සේවය කරනු ලබන අයෙකු ද එම බස් රථයේ ගමන් ගත් මගියෙක් බවට කරුණු අනාවරණය වී ඇති අතර ඔහු හරහා වෛරසය ඔහුගේ සමීප ආශ්‍රිතයින්ට ව්‍යාප්තවී තිබෙන බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

මෙම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලට එය බාධාවක් එල්ල නොවන බවත් එය සිදුනොවීමට අවශ්‍ය සියලු කටයුතු ගෙන ඇති බවත් වරාය සභාපති සමග එක්වී අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බවයි මෙහිදී යුද හමුදාපතිවරයා සඳහන් කළේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads