කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට අළුයම 5.00 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා තිබේ.
අද දිනය තුල කටුනායක වෙළඳ කලාපයෙන් කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.
මේ සමගම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.