මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින දිවුලපිටිය ප්‍රදේශයේ සිසුවෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එම්. කුලතිලක මහතා පැවසුවේ සිදු කළ පී.සී.ආර් පරික්ෂණයේ වාර්තාවට අනුව මෙම සිසුවාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි.
එම සිසුවාගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට මීට පෙර හඳුනාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එම සිසුවා සමග විභාගයට පෙනීසිටි සිසුන් 20 දෙනෙකු කණ්ඩායම් දෙකකට බෙදා විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබාදී ඇති බව එම්. කුලතිලක මහතා පැවසුවා..
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ එම සිසුවා මේ වන විට ඉරණවිල රෝහලට යොමු කර ඇති අතර එහි ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී ඔහුට විභාගයට පෙනී සිටිමේ අවස්ථාව සලසා දී ඇති බවයි.