නුගේගොඩ මාළු වෙළඳසැල තුළ පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇති බව නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.
එම ආශ්‍රිතයන් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බවත් එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මේ හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු නුගේගොඩ සති පොළ වසා දැමු බවයි නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසුවේ.


