Type Here to Get Search Results !

සති අන්තයේ දිවයින පුරා ඇඳිරි නිතිය නොදමන්න හේතුව මෙන්න


සති අන්තයේ දිවයින පුරා ඇඳිරි නිතිය පැනවීමක් සිදුනොකරන බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

කෙසේ වුවත් මේ වන විට ඇඳිරි නිතිය පනවා ඇති පොලිස් බලප්‍රදේශ සහ හුදෙකලා කොට ඇති ගම්මාන වල තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් රට සම්පුර්ණයෙන් වැසීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඉකුත් මාර්තු මාසයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වීමේදී විදේශ රටවල මෙන්ම මෙරටේද විශේෂඥයින්ට අදාළ වෛරසය සම්බන්ධයෙන් කිසිදු දැනීමක් නොතිබු බවත් මේ වන විට එම වෛරසය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබෙන බැවින් එය පාලනය කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම මෙරට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එක්ව ගෙන ඇති බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads