Type Here to Get Search Results !

කොරෝනා රෝගීන් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ – දවසම වෙළඳසැල්වල ගත කරලා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

එම පුද්ගලයන් දෙදෙනා දුනගහ, ඉදුරාගාර ප්‍රදේශයේ සහ දිවුලපිටිය, බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් මේ වන විට ඵ්Cර්‍ පරීක්ෂණ කිරීමෙන් පසුව රඹුක්කන මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයන් දෙදෙනා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු සමග කතරගම ප්‍රදේශයේ සංචාරක කර ඇති බවත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයා හට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව දැන ගැනීමෙන් පසු මෙම පුද්ගලයන් දෙදෙනා ගේද ඵ්Cර්‍ පරීක්ෂණය සිදු කර තිබුණා. එහිදී එම දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වුණා.

මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය 04 වන දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 08 සිට පස්වරු 4.30දක්වා කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් අසූවකට ගමන් කොට ඇති බව ප්‍රශ්ණ කිරීම්වලදී හෙළිදරව් කරගෙන තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණය වීමත් සමග දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි.එදිරිසිංහ විසින් දඹුල්ල මහ නගර සභාව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය කළමණාකරන භාරය දැනුවත් කොට තිබුණා.

මෙවැනි බරපතළ තත්ත්වයක තිබියදී අද (11) දින පස්වරුවේ පෙරවරුවේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තැබීමට නියමිතයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads