Type Here to Get Search Results !

පාසල් 05ක් වසා දමයි..


හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් පහක් (23) දින ආරම්භ නොකල බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි.ශ්‍රිදරන් මහතා පැවසිය.

වටවල පොලිස් වසමට අයත් වැලිඔය ප්‍රදේශයේ පිහිටි මලෙයි මගල් දමිල විද්‍යාලය සහ වැලිඔය අග්‍රාඔය දමිල මහා විද්‍යාලය , ගිනිගත්හේන පොලිස් වසමට අයත් හගරපිටිය නිශ්ශංකමල්ල විද්‍යාලය , මාදෙණිය සිංහල විද්‍යාලය , අඹතලාව දෙහිගස්තැන්න විද්‍යාලය යන විද්‍යාලය මෙසේ තාවකාලිකව වසා දැමු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

එම පාසල් අවට ගම්මාන කිහිපයකම කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් හමුවි ඇති බවත් , එම අසාදිතයන්ගේ සමිපතයින් විශාල පිරිසක් ස්වයං නිරෝධානට යොමු කර ඇති නිසා එම අවධානම් කලාප වල සිටි එම පාසල් වෙත පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් පාසල් වෙත පැමිණෙන නිසා මෙම පියවර ගත් බවයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

එම පාසල් වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට වෙනත් ප්‍රදේශවල සංචාරය නොකරන ලෙසටද උපදෙස් ලබා දි ඇති බවත් , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads