Type Here to Get Search Results !

වත්තල සෙල්ලම් බඩු ෆැක්ටරියේ 115කට ආසාදිතයි – තවත් PCR 400ක ප්‍රතිපල තවම නෑ


වත්තල, හැදල කෙරවලපිටියේ පවත්වාගෙන ගිය සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 68 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වි ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන අමරසේකර මහතා පවසා සිටිනවා.

අදාල කර්මාන්ත ශාලාවේදී කොරෝනා ආසාදනයයට ලක්ව ඇති සේවක පිරිසෙන් බහුතරයක් සේවිකාවන් බව අනාවරණය වනවා.

කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් 693 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණ සදහා යොමුකර ඇති අතර එයින් මේ වන විට ලැබී ඇති ප්‍රථිපල අනුව එම කර්මාන්ත ශාලවෙන් සමස්ත කොරෝනා ආසාදියන් 119 වාර්තා වනවා.

තවත් 400 කට ආසන්න ප්‍රමාණයක පී.සි.ආර්. ප්‍රථිපල ලැබීමට නියමිත බවද අමරසේකර මහතා සඳහන් කළා.

මේ අතර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතා වැඩිදුරටත් පවසා සිටියේ අද වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 500 ඉකමවා ගෙස් ඇති අතර පුද්ලයින් 1500 වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බවයි.

පී.සි.ආර්. පරික්ෂණ 3779 සිදුකොට ඇති අතර ඒවායේ ඉතිරි ප්‍රථිපල කඩිනමින් ලබා ගැනිමට උත්සහ ගන්නා බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යු. ඇසෙන්ඩා මහත්මිය කරණ ලද විමසීමේදි පවසා සිටියා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads