Type Here to Get Search Results !

මං සෞඛ්‍ය ඇමති නම් කොරෝනාවට ලංකාවට එන්නවත් දෙන්නෙ නෑ..- රාජිත

 


තමන් මෙරට සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කලේ නම් කොරෝනා වෛරසයට කිසිසේත්ම මෙරටට පැමිණීමට ඉඩ නොදෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එසේ වූයේ නම් සෞඛ්‍ය ඇමැති ලෙස තමන් මොන ක්‍රමයකට හෝ ගුවන් තොටුපොළ වසා දැමීම සඳහා අනුමැතිය ලබාගන්නා බවද ඔහු පැවසීය.

කොරෝනා වසංගතය ලෝකයේ පැතිරෙද්දී ශ්‍රී ලංකාව වෙලද දැන්වීම් දමා සංචාරකයන් ගෙන්වා ගත් බවත් එනිසා අද ඇත්තේ අද ලංකාවේ ඇත්තේ ආරාධනා කර ගෙන්වා ගන්නා ලද වසංගතයක් බවත් ඔහු සඳහන් කළේය.

ගංගා වලට මුට්ටි දමා කොරෝනා වලින් බේරෙන්න බැරි බවත් එම කටයුත්ත ඉතාමත් වැරදි දෙයක් බවත් විශේෂයෙන් සෞඛ්‍ය ඇමති විසින් එම කටයුත්ත සිදු කිරීම වැරැදි සහගත බවත් ඔහු කියා සිටියේය.

ප්‍රදේශයන් හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළ නිසි ලෙස සිදුකළ හොත් මෙම වසංගතය අවසන් කිරීමේ හැකියාවක් තවමත් ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සමගි ජන බලවේගය මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads