Type Here to Get Search Results !

නාමල් අසල ගිනි අවියක්.. සමාජ ජාලා කැළඹෙයි…


ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අසල ගිනි අවියන් දැක්වෙන භික්ෂු කීපයක් සමාජජාලාවල හුවමාරු වෙයි.

නාමල් රාජපක්ෂ මහතා විසින් වාහනයක් පදවාගෙන යන අතරතුර ඔහු අසලම එම ගිනි අවිය රදවා ඇත.

කෙසේ නමුත් නාමල් රාජපක්ෂ මහතාට හිතවාදී සමාජ දාලා පිටුවලින් පෙන්වා දෙන්නේ ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බලපත්‍ර සහිත ගිනි අවියක් නීත්‍යානුකූලව හිමිවන බවත් එය හැසිරවීම සම්බන්ධයෙන් මූලික පුහුණුවක්ද ලබා දෙන බවත්ය.

ජනාධිපති සහ අගමැති ආරක්‍ෂක වලලුවලට ඇතුළුවීමෙදී පමණක් එම ගිනි අවිය ගෙන යාමට අවසර හිමිවන්නේ විශේෂ අවසරය හිමි අයට පමණක් යැයි ද එම වාර්තාවේ දැක්වේ.

ගිනි අවි බලපත්‍ර ලබා ගැනීම සදහා සුදුසුකම් සපුරන මෙරට ඕනෑම පුද්ගලයකුට ලබාගැනීමෙන් ලබා ගැනීමට නීතියෙන් අවස්ථාව ඇති බවත් එනිසා මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් සතු ගිනිඅවියක් දුටු පමණින් කලබල නොවිය යුතු බවත් එම ස්ථානයේ සඳහන් වෙයි.

එමෙන්ම අදාළ පින්තූරය දැනට වසර 6 කට පමණ පෙර ලබා ගන්නා ලද්දක් බවද වැඩිදුරටත් සඳහන්ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads