Type Here to Get Search Results !

කොරෝනා ආසාදිතයන් හමුවේ.. හයිඩ්‍රාමනී වසා දමයි..


ඇහැලියගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති ‘හයිඩ්‍රාමනී නීට්’ කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගෙන ඇත.

එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 06 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එම සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉකුත් 21 වෙනිදා සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවෙන් ආසාදිතයන් තහවුරු වූ නිසා ආරක්ෂිත පියවරක් ලෙස මුළු කර්මාන්තශාලාවම වසා දමා විසබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි.

නැවත විවෘත කරන දිනයක් දන්වන තෙක් එහි සියළු සේවකයන්ට නිරෝධායනට වීමට දන්වා ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads