Type Here to Get Search Results !

ඕනෑම මතුපිටක කොරෝනා වෛරස..- කොළඹට උපරිම අවදානම දැනුම් දේ..


අද පවතින තත්ත්වය යටතේ කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ තුළ ඕනෑම මතුපිටක ඕනෑම අවස්ථාවක කොරෝනා වෛරසය පැවතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

වෙළඳ පොලෙන් මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක්, ආහාරයක් ස්පර්ශ කල පසු අනිවාර්යෙන්ම දෑත් සෝදා ගන්නැයිද ඔහු ජනතාවට දැනුම් දෙයි.

එසේ කළහොත් පෘෂ්ඨයන් හරහා වෛරසය පැතිරීම වළක්වා ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads