Type Here to Get Search Results !

කොරෝනා ආසාදිතයෙක් කළුතර සිට අලුත්ගම තෙක් විවාහ මංගල්‍ය උත්සවයකට ආරාධනා බෙදන්න ගිහින්..


කළුතර පන්විල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයකු අලුත්ගම පොලිස් බලප්‍රදේශයට අයත් පාදාගොඩ හා ගල්හේනේ ඥාතීන් සිටින නිවාස 9 කට විවාහ මංගල උත්සවයකට ආරාධනා කිරීමට පැමිණීම හේතුවෙන් එම නිවාසවල වාසය කරන පුද්ගලයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් (11) දින සන්ධ්‍යාවේ සිට දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් කල බව බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක එච්, පී. ජයනාත මහතා පැවසීය.

මෙලෙස පැමිණ ඇති ආසාධිත පුද්ගලයා දින කිහිපයකට පෙර පී. සී. ආර් පරීක්ෂණයට ලක් කළ අයෙකු බවත් එම පරීක්ෂණයේ ප්‍රතිපලවලින් ඔහු කොරෝනා ආසාදිතයකු බව ( 11 ) අණාවරනය වී ඇත.

නිරෝධායනයට ලක් කල පාදාගොඩ හා ගල්හේන ග්‍රාමවල පදිංචි පිරිස අතර පයාගල පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකු හා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීවරයකුද සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය .

මෙලෙස නිරෝධායනයට ලක් කල පුද්ගලයන් දෙදෙනකුට අයත් වෙළෙඳ සැල් දෙකක්ද වසා දැමීමට කටයුතු කර ඇතැයි ද කියයි.

කිසියම් පුද්ගලයකු පී.සී. ආර් පරීක්ෂණයට භාජනය කර ස්වයං නිරෝධායනයට ලක්කර තිබියදී ප්‍රදේශයෙන් ප්‍රදේශයකට සංචරණය කිරීම නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් බව සෞඛ්‍යය අංශ පෙන්වා දෙයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads