කොරෝකා අසාදිතයන් තිදෙනෙකු හමුවීම හේතුවෙන් අගලවත්ත ප්‍රදේශයේ පිහිටි ඇඳුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා ඇත.
එහි පාලනාධිකාරිය සඳහන් කරන්නේ දින දෙකක කාලයකට මෙම ආයතනය වසා දැමූ බවයි.
මෙම කාර්මාන්ත ශාලාව කොරෝනා ආසාදිතයන් වාර්තා වූ හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ අනුක්ත ආයතනයකි.
මෙම කර්මාන්ත ශාලාව හා තවත් එහි අනුයුක්ත කාර්මාන්ත ශාලාවක සේවකයන් 52ක් අහඹු ලෙස තෝරාගෙන කොරෝනා පරීක්ෂණ සිදු කර ඇත.
එහිදී එක් කර්මාන්තශාලාවක සේවකයන් තිදෙනකු කොරෝනා ආසාදිත යයි හෙළි වීමෙන් මෙම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.