කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය නිවසේ දී සිදු වූ ඇද වැටීමකින් හිසට බරපතල තුවාල හේතුවෙන් මියගොස් තිබේ.
හිසට සිදු වූ බරපතළ තුවාල නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ඒ හේතුවෙන් මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
78 හැවිරිදි මෙම පුද්ගලයා කොරෝනා ආසාදිත වී ඇතැයි මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත.
එසේ නමුත් මිය යාමට බලපෑ ආසන්නම හේතුව කොරෝනා ආසාදනය වීම සේ නොසලකනු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූ බව එම නිවේදනයේ දැක්වෙයි.