Type Here to Get Search Results !

සඳුදාට පසු ඇඳිරිනීතිය දිගු වනවාද? – හමුදාපති උත්තර දෙයි


ලබන සඳුදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය යොදවා රට වසා තැබීමට කිසිදු අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

තවද,රටේ බහුතර ජනතාව අත්විදින ගැටළු ගැන අවධානය යොමු කොට සියලු පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිතව කොරෝනා ආසාදනයෙන් වැළකී කටයුතු කිරිමට පියවර ගත යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කර සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීම මගීන් මෙම වෛරසය පාලනය කිරීමට හැකිබව හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම, ලබන සඳුදා උදෑසන 5.00 පසුව බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරිමට බලාපොරොත්තුවන බවද යුද හමුදාපතිවරයා කළ ප්‍රකාශයේ සඳහන්.

දෛනික වැටුපක් මත ජිවත්වන ජනතාවට සිදුවන අපහසුතාවයන් හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත බවද සඳහන් වනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads