Type Here to Get Search Results !

කොරෝනා වෛරසය ජල පද්ධතිවල..- වසංගත රෝග විද්‍යා ප‍්‍රධානී අනතුරු අගවයි..


කොරෝනා වෛරසය මලඅපවහන පද්ධති තුළ පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එමෙන්ම ආසාදිතයන් විසිනි තම සිරුරෙන් පිට කරන ද‍්‍රව්‍ය ජල පද්ධතිවලට යම්කිසි ආකාරයකින් එකතු වීමේ හැකියාවක් ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

එලෙස එම ස්ථානවලින් වෛරසය හඳුනා ගැනීමේ හැකියාවක් ඇතැයිද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මෙම වයිරසය හැසිරීම සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ අධ්‍යයන මට්ටමේ නිසා අද පවතින කාරණා හෙට දිනයේ දී වෙනස් විය හැකි එක ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads