කල්පිටිය නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකුවක කළමණාකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ අදාල කළමණාකාරවරයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මොහු පසුගිය ඔක්තෝබර් මස 28 වන දින සිට 30 වන දක්වා කල්පිටියේ ශාඛාවට රාජකාරි සදහා පැමිණ තිබෙන බවද සඳහන්.
අසනීප තත්ත්වයෙන් නිවසේ සිටියදී ඔහු විසින්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර PCR පරීක්ෂනයක් සිදුකර තිබෙන අතර එයින් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.