කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මිනි පෙට්ටි සඳහා එම පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් විසින් මුදල් ගෙවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
සාමාන්‍ය ක්‍රියා පටිපාටිය නම් වින්දිතයන්ගේ පවුල්වලට මිනී පෙට්ටි තෝරා ගත හැකි බවත් ,ඒ සඳහා මුදල් ගෙවිය යුතු බවයි මෙහිදී අමාත්‍යවරිය පැවසුවේ.
කෙසේ වෙතත්, පවුලක් කිසියම් දුෂ්කරතාවයකට මුහුණ දුන්නොත් රජය මැදිහත් වී ඒ සඳහා අනුග්‍රාහකයෙකු සොයා දීමට අවශ්‍ය පියවර ගනු ලබන බවද ඇය සඳහන් කළා.
ඓඪ්H රෝහලේදී මියගිය පුද්ගලයෙකු ආදාහනය කිරීම සඳහා පවුලකින් රුපියල් 58,000 ක් අය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියා.