කොරෝනා වෛරසය මේ වනවිට සමාජයේ ඇති බවත් ආසාදිතයන් සමාජයෙන් හමුවන බවත් රෝගීන් හඳුනා ගනිමින් සිටින බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
නමුත් වෛරස සමාජයේ තිබුණද සමාජ සම්ප්‍රේෂණයක් ලෙස එය හැදින්විය නොහැකි බවද ඔහු කියා සිටියේය.
නමුත් මේ යන ආකාරයට බැලුවහොත් රෝගය නිසියාකාරයෙන් පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ජනතා සහය නොලැබුණහොත් සමාජ සම්ප්‍රේෂණයක් විය හැකි යැයි ද ඒ මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විට ඇත්තේ සමාජ සම්ප්‍රේෂණයක එලිපත්තේ යයිද ඒ මහතා සඳහන් කළේය.
දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


