Type Here to Get Search Results !

පාසැල් 130ක් නැවත දැනුම් දෙන තුරු වහයි..


යාපනයේ සහ වව්නියාවේ කොවීඩ් -19 වෛරස් ආසාදිතයින් සීග්‍රයෙන් වැඩිවීමත් සමග උතුරු පාලතේ පාසල් 130 කට නිවාඩු ලබා දීමට සිදු වී ඇත.

මේ අනුව යාපනය අධ්‍යාපනය පාසල් 69 ක්, වලිකාමම් අධ්‍යාපනය කලාපයේ පාසල් 66 ක් වව්නියාව අධ්‍යාපනය කලාපයේ පාසල් 05 ක් මෙලෙස වසා දැමීමට සිදුව ඇති බවට උතුරු පලාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය පවසයි.

වව්නියාව දිස්ත්‍රීක්කයේ පාසල් සිසුවියකට කොවීඩ් ආසාදනය වීමත් , යාපනය වලිකාමම් සහ උඩුවිල් ප්‍රදේශයේ කොවීඩ් ආසාදිතයින් වාර් ථා වීමත් සමග එම අධ්‍යාපන කලාපයන්හි පිහිටි පාසල් 125 කට මෙලෙස නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් මේ ව විට උතුරු පලාතේ පිහිටි පාසල් 535 න් පාසල් 395 ක අධ්‍යාපනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර පාසල් ළමුන් මෙන්ම දෙමාපියන්ද දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් දරුවන් පාසල් වෙතට එවීමට අවධානය යොමු කරන ලෙසටද උතුරේ අධ්‍යාපන නිලධාරීන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads