Type Here to Get Search Results !

පරීක්‍ෂණ කල පමණින් කෑගල්ලේ ඖෂධය සාර්ථක යයි හැගෙන්නේ නෑ.. විද්වතුන් විද්‍යාත්මක පරීක්‍ෂණයකින් නිගමනය කරන්න අවශ්‍යයි..- වසංගත රෝග ප‍්‍රධානී


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්දන ඖෂධය භාවිතයෙන් කොරෝනා ආසාදනයන් සුව වීම හෝ ආසාදන වීම වැලැක්වීම යම් ආකාරයක දායකත්වයක් ඇත්තේද තවම ඇත්තේ පර්යේෂන මට්ටමේ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ එම පර්යේෂණය මේ වන විට මහාචාර්යවරුන් විසින් සිදුකරන බවත් එසේ පර්යේෂණයක් කිරීමෙන් ම එම ඖෂධය සාර්ථක යැයි හැඟී නොයන බවයි.

ඒ සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක් කර නිගමනයකට පැමිණිය යුතු බවත් ඒ සඳහා විද්වතුන්ගේ තීරණය එනතුරු ඉවසීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ තම කාර්යාලයේ දී මාධ්‍ය අමතමිනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads