ගාල්ල වැලිගම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම්මාන දෙකක් තාවකාලිකව හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සඳහන් කරන්නේ ගල්බොක්ක හා අලුත්වීදිය යන ගම්මාන මෙසේ හුදෙකලා කළ බවයි.
එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 18 දෙනෙක් වාර්තා වීමෙන් පසු සෞඛ්‍ය අංශ නිර්දේශ මත මෙම පියවර ගත් බවද ඔහු තවදුරටත් පැවසීය.
ආසාදිතයන්ගේ ආශ්‍රිත නිරෝධායනයට ඉමු කර ඇති අතර කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ.