Type Here to Get Search Results !

සෙල්ලම් කල පාසල් සිසුවා ඝාණ්ඨාර ලණුවේ ගෙල සිරවි ජිවිතක්ෂයට....


ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු එම ලණුවට ගෙල සිර වි (11) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නොර්වුඩ් ඩන්කන් වත්තේ ඉහල කොටස් පදිංචි අවු 8 වයසැති විග්නේෂ්වරන් දිලුක්ෂන් නැමති පාසල් සිසුවෙකි.

මිය ගිය සිසුවා පවුලේ තෙවනියා වු බවත් ,එම සිසුවා නොර්වුඩ් ඩන්කන් දමිල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

තම නිවස ආසන්නයේ පිහිටි එම වතු යායේ කොවිලේ ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කිරිමට (11) දින උදැසන 9 ට පමණ ගිය සිසුවා ඝාණ්ඨාර ලණුවේ එල්ලි සෙල්ලම් කරන අවස්තාවේ ඝාණ්ඨාර ලණුව ගෙල ප්‍රදේශයේ සිර වි පාසල් සිසුවා ගණුවේ එල්ලි සිටියදි එම වතුයායේ වතු අධිකාරිවරයා විසින් දැක ඒ පිලිබදව වතු කම්කරුවන් වෙත දැනුම් දි ලණුවේ ගෙල සිර වි සිටි සිසුවා ඉන් මුදාගෙන රෝහල් ගත කරන විටත් සිසුවා මියගෙස් සිටිය බවයි පොලිසිය පැවසුවේ.

මිය ගිය පාසල් සිසුවාගේ සිරුර මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් හැටන් දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads