Type Here to Get Search Results !

මෙරට මුස්ලිම් මරණ භූමදානයට මාලදිවයිනට.. ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙන්න හදලා..


මෙරට කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා මාලදිවයින විසින් සූදානම් බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ මේ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දීමත් සමග අදාළ ගැටලුව නිරාකරණය වෙමින් ඇති බවයි.

ශ්‍රී ලංකා රජය කොරෝනා මෘතදේහයන් භූමදානය ට මෙතෙක් අවසන් ලබාදී නැති අතර ඊට මුස්ලිම් සමාජයෙන් බරපතළ විරෝධයක් එල්ල විය.

මේ තත්ත්වය මත අධිකරන ඇමති අලි සබ්රි මහතාට එල්ල වූ බලපෑම නිසා ඔහු සිය ඇමති ධුරයෙන් පවා ඉල්ලා අස්වීමට සූදානම් වූ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.

මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් මෙසෙන ප්‍රදේශවල දී කොරෝනා පරීක්ෂණ වලට පෙනී සිටීම පවා ප්‍රතික්ෂේප විය.

මේ තත්ත්වය මත රාජ තාන්ත්‍රික මට්ටමින් සිදු වූ අදහස් වූ මාරුවකින් අනතුරුව මාලදිවයින මෙරට මුස්ලිම් දේහයන් භූමදානය කැමැත්ත පළ කර ඇතැයි තව දුරටත් සදහන්ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads