ඉන්ධන මිල ඉහල දැමීම සඳහා වන යෝජනාවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඇමැති මණ්ඩල විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.
කැබිනට් හමුවේ ඊයේ දින අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීමක් මගින් ජනතාව අසීරුතාවයට පත් කර නොහැකිව බවත් හැකිනම් ඉන්ධන සඳහා එක් කර ඇති බදු මුදල් අඩු කිරීමට මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙසත්ය.
ඇමති උදය ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත්තේ මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක් ඩොලර් 57 දක්වා වැඩි වී ඇති නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් වන බවයි.