හැටන් දික්ඔය වනරාජා වත්ත පහල කොටසේ පදිංචි අවු 03 වයසැති පිරිමි දරුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (17) දින පස්වරුවේ තහවුරු වු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසුවා.
අවු 03 වයසැති පිරිමි දරුවා දැඩි ලෙස රෝගාතුර විම නිසා එම දරුවාගේ දෙමව්පියන් විසින් දරුවාව (17) දින පස්වරුවේ හැටන් දික්ඔය නගරයේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබෙනවා.
එම වෛද්‍යය මධ්‍යස්ථානය පවත්වාගෙන යන දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකුට පෙන්විමෙන් අනතුරුව එම වෛද්‍යවරයා විසින් එම දරුවාගේ රෝගි තත්ත්වය උත්සන්න වි ඇති නිසා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල දරුවාව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යයවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් කර ඇති අතර , එම පරික්ෂාවේදි එම දරුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ.
එම දරුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා දික්ඔය මුලික රෝහලේ වෛද්‍යයවරුන් දෙදෙනෙකු , හෙදියන් සිව්දෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ඇතුළු නව දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති අතර, පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කර වෛද්‍යය මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසුවා.
මේ අනුව දික්ඔය මුලික රෝහලේ මිට ප්‍රථම වෛද්‍යයවරුන් , හෙදියන් සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 30 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති අතර, එම පිරිස (18) දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමට නියමිතයි.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු කුඩා දරුවාගේ නිවසේ මේ මස (15) දින අවමංගල උත්සවයක් පැවති අතර එම අවමංගල්‍ය උත්සවයට කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි තිදෙනෙකුගෙන් එම දරුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සැකකෙරෙන බවත්, පවත්නා තත්ත්වය මත දික්ඔය වනරාජා වත්තේ පහල කොටසේ පවුල් 09 කට අයත් සමාජිකයන් 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද
මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා.


