Type Here to Get Search Results !

පොහොට්ටු මන්ත්‍රී ඇතුළු දස දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ඇතුළු සැකකරුවන් දස දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහයිල් අද නියෝග කළා.

ඒ, 2018 වසරේ දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැදවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

2018 වසරේ ඔක්තෝම්බර් 28 වනදා මෙම කලහකාරී සිද්ධිය ඇති වූ අවස්ථාවේ හිටපු අමාත්‍ය අරජුණ රණතුංගගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබූ අතර පසුව ගම්පොළ – ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත් වුණා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads