Type Here to Get Search Results !

අයිස්ක්‍රීම්වලත් දැන් කොරෝනා… වෛරසය සහිත අයිස්ක්‍රීම් පෙට්ටි 4800ක්


චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පර්යේෂණයකදී එහි තිබු කොරෝනා වෛරසය හමුවී ඇති අතර ඒ හරහා මනුෂ්‍යයින්ට වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විමර්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඊසාන දිග චීනයේ පිහිටි ටියැන්ජින් නගරයේ නිපදනවන ලද අයිස් ක්‍රීම් සාම්පල් තුනක් ඇසුරෙන් කරන ලද විද්‍යාගාර පර්යේෂණයකදී මෙලෙස ඒ මත වෛරසය රැඳී ඇති බවට හෙළිවී ඇත. 

ටියැන්ජින් නගරයේ පිහිටි ඩකියාඩෝ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සකස් කරන ලද අයිස්ක්‍රීම් පෙට්ටි 4,836ක් වෛරසයට නිරාවරණය වී ඇති අතර ඉන් ඇසුරුම් 2,089ක් මේ වන විට ගබඩාවල ඇසුරුම් කර තිබෙනවා. ඉතිරි අයිස්ක්‍රීම් ඇසුරුම් වලින්  1,812 ක් වෙනත් පළාත්වලට යවා ඇති අතර අනෙක් ඇසුරුම් 935 ක් දේශීය වෙළඳපොළට මුදාහැර ඇති අතර ඉන් 65ක් විකුණා ඇති බවට හෙළිවී ඇත.

මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා යොදා ගෙන ඇත්තේ යුක්රේනයේ කිරි සහ නවසීලන්තයේ තිරිඟු පිටි වන අතර මෙම අයිස්ක්‍රීම් මිලදී ගනු ලැබූ පුද්ගලයින්ට තමන්ගේ සංචරණයන් සීමා කරන ලෙසට චීන සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබෙනවා.

මෙම අයිස්ක්‍රීම් නිපදවූ කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවකයින් 1662 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කොට ඇති අතර ඔවුන්ව අද දිනයේදී PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥයෙකු වන ආචාර්ය ස්ටීවන් ග්‍රිෆින් පැවසුවේ අයිස්ක්‍රීම් තුල තිබී කොරෝනා වෛරසය හමුවුයේ එය මිනිසුන් හරහා සම්ප්‍රේෂණය වීමෙන් සිදුවන්නට ඇති බවයි.

අයිස්ක්‍රීම් මේදය සමඟ සාදා ඇති අතර එය සීතල උෂ්ණත්වයක ගබඩා කර තිබීම වෛරසය ඒ තුල ආරක්ෂාකාරීව රැඳී සිටීමට පහසුවෙන් හැකියාව ඇති බවයි ආචාර්ය ස්ටීවන් ග්‍රීෆින් ප්‍රකාශ කර සිටියේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads