Type Here to Get Search Results !

අකුරටම පිලිවෙත් රැක ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු මන්ත‍්‍රීට හා පවුලටම කොරෝනා.. පැණිය අසාර්ථක යයි රෝහලේ සිට කියයි..


කොරොනා වෛරසය ආසාදනයෙන් වැළකීමට හැකි වනු ඇතැයි විශ්වාසයෙන් කෑගල්ලේ ‘ධම්මික පැණිය’ තමා සහ බිරිඳ ඇතුළු දරුවන් හතර දෙනා පානය කළ බව කෑගල්ල ‍ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ ශිලන්ත විජේපාල මහතා පැවසීය.

නමුත් තමන් ඇතුළු මුළු පවුලටම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට තමා සහ බිරිඳ ඇතුළු දරුවන් ඇඹිලිපිටියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින බවද ඔහු සඳහන් කළේය.

එම පැනය පාණිය කළ තම සහෝදරයා ඇතුළු ඥාතීන් හා හිතවතුන් සැලකිය යුතු පිරිසකට ද කොරෝනා වෛරසය ආසාදන වී ප්‍රතිකාර ලබන පසුවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

පැණිය පානය කළ තම සහෝදරයාටද එම වෛරසය ආසාදනය වූ බව ඊයේ තහවුරු වූයේ යැයි ද තවදුරටත් කියා සිටියේය.

තමන් සහ තම පවුලේ සියලු දෙනා නියමිත පරිදි දින දෙකක් නියමිත මාත්‍රාවට පැණිය පානය කළ බවද පැවසූ ඔහු එම කාලයේ දී මස් මාළු බිත්තර කෑමෙන් වැළකුණ බවත් වත්පිළිවෙත් අකුරටම රැුක්ක බවත් ඔහු සඳහන් කළේය.

පැණි බොන කාලයේ කළ යුතු උපදෙස් මාලාවක් ලැබී තිබුණු බවත් එය ඒ ආකාරයටම ඉටු කළ බවත් ඔහු සදහන් කරයි.

මෙම පැණිය මුල් කොරෝනා සදහා සාර්ථක වේවා යැයි තමන් මුලදී පැතුව ද නමුත් මෙය කොරෝනා සදහා සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව දැන් පැහැදිලි ය යි ද ඔහු කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads