Type Here to Get Search Results !

බිරිද හා දරු දෙදෙනා ඇමතිට බාර ගන්න කියමින් තරුණයෙක් උපවාසයේ..


ජෝර්දානයේ සිටින තම බිරිඳ මෙරටට ගෙන්වා දෙන්න යැයි පවසමින් තරුණයකු ගම්පහ උඩුගම්පොළ ප‍්‍රදේශයේ අඩි 216 උසැති දුරකථන කුලූනකට නැගී උපවාසයක් ආරම්භ කර ඇත.

ඉකුත් 16 වැනිදා මෙම තරුණයා දුරකථන කුලූනට නැග මෙම උපවාසය ආරම්භ කර තිබිණි.

දුරකථන කුලූන මත සිට දුරකථනයෙන් සිය ගැටලූව ඉදිරිපත් කරමින් ‘මගේ බිරිඳ ජෝර්දානයේ මාස නවයක් විතර සිර කඳවුරක ඉන්නේ. එයාව ගෙනත් දෙන්න කියලා මම විදේශ කටයුතු අමාත්‍යාංශයට ලියුමක් භාර දුන්නා. නමුත් එම ලිපිය භාරගත්ත කෙනා ලිපිය බලන්නේවත් නැතිව, බිරිඳව ගෙනත් දෙන්න රුපියල් ලක්ෂ හතරක් ඉල්ලනවා. ඒ ගැන ඇමැතිතුමාට කියපුවාම ඔහු එලෙස සල්ලි ඉල්ලපු හඬපට ඉල්ලනවා. ජෝර්දානයේ තනාපති කාර්යාලයෙනුත් සල්ලි තමයි ඉල්ලන්නේ. මට අවුරුදු විසි හතරයි. ඉන්නේ මීගමුව පිටිපන. ලෙල්ලමේ මාළු පෙට්ටි පටවලා තමයි ජීවත් වෙන්නේ. එක පෙට්ටියක් පටවනවට රුපියල් විස්සක් ලැබෙනවා. එහෙම මට රුපියල් ලක්ෂ හතරක් හොයන්න පුළුවන් ද? මට පපුව අමාරුවකුත් තියනවා. මේ ප‍්‍රශ්නය විසඳලා දෙනකම් මම මෙතනින් බහින්නේ නෑ. මේ උඩම මැරෙනවා. ඇමැතිතුමාට කියන්න මගේ දරුවෝ දෙන්නා හා බිරිඳව භාර ගන්න කියලා’

කඳාන – රුක්මන් පිංතු
වත්තල – සරත් චින්තක


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads