පස්සර ජාතික පාසලේ කොවිඩ් ආසාදනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් තිබෙනවා.
අද දිනයේ කිසිඳු සිසුවෙක් පාසැලට නොපැමිණි බවත් ගුරුවරුන්ගේ පැමීණීම පහල මට්ටමක පැවති බවත් අප වාර්තාකරු පැවසුවා.
ඉදිරි ක්‍රියාමර්ගයන් පිළිබදව සාකච්ජා කිරීම සඳහා ඌව පළාතේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරින් එම විදුහලට පැමිණ සාකච්ජාවක් කළ නමුත් ඒ සදහා මාධ්‍යයට අවසර නැති බවත් සාකච්ජාවේ තීරණ පසුව දැනුම් දෙන බවත් ඌව පළාත් ප්‍රජා සෞඛ්‍ය අංශ ප්‍රධානී විශේඥ වෛද්‍ය නිමල් ගමගෙදර මහතා සඳහන් කළා.