Type Here to Get Search Results !

කොවිඩ් තවමත් සමාජගත වී නොමැති බව සෞඛ්‍ය අංශ යළිත් අවධාරණය කරයි


කොවිඩ් වෛරසය සමාජගත වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව මෙරට තුළ තවමත් වෛසරය සමාජගත වී නොමැති බව, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

සමාජයෙන් කොරෝනා රෝගීන් හමුවීම සහ කොරෝනා වෛසරය සමාජගතවී සමාජ සම්ප්‍රේෂණය වීම එකිනෙකට වෙනස් කාරණා දෙකක් බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැහැදිලි කර සිටියේ.

කෙසේ වෙතත් සමාජයේ හැසිරීමේදී, ගමනක් බිමනක් යාමේදී ආගන්තුකයා සේම සැමදා හඳුනන පුද්ගලයාත් කොවිඩ් ආසාදිතයෙකු විය හැකි බව සිහි තබාගෙන කටයුතු කළ හොත් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි බව අධ්‍යක්ෂවරයා අවධාරණය කර සිටියා.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads