Type Here to Get Search Results !

හිරගෙදර පාටියේ වීඩියෝව ලීක් වෙයි..


මීගමුව බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් බන්ධනාගාරය තුළ සාදයක් දමමින් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ කාලයේදී මීගමුව බන්ධනාගාර රැදවියන් ශීත කරන හා විදුලි උදුන් ආදී භාණ්ඩ පරිහරණය කරමින් ගත කළ සුඛෝපභෝගී ජීවිතයේ තවත් පැති කඩක් මේ විඩියේ පටත් සමග අනාවරණය කර ගැනීමට බන්ධනාගාර ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.

මේ වීඩියෝ පටයේ බොහෝ තැන්වල රැදවියන් ජංගම දුරකතනවලින් කතා කරන අයුරුත් ජංගම දුරකතන බැටරි ආරෝපනය කිරීමට විදුලි පරිපථ වලට සම්බන්ධ කර ඇති අයුරුත් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් අනුරුද්ධ සම්පායෝ මීගමු බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කරන අවදියේදී සිදු වූ මේ අකටයුතුකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත නිදහස්ව සිටිනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads