පොලිස් පොකුරට තවත් 16 දෙනෙකු එක්වෙමින් කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
එම පොලිස් අධිකාරී කාර්යාලයේ කොවිඩ් නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරීව කටයුතු කිරීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කර තිබේ.
නිරෝධානය වෙමින් සිටියදී ජනවාරි 01 පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට බුලත් හුරුල්ලක් දී ඇති අතර එහි පැවති පිරිත් පිංකමකටද සහභාගී වීම නිසා මෙම 16 දෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වෙයි.


