Type Here to Get Search Results !

සෞඛ්‍ය ඇමතිනිය ධම්මික පැණිය බිව්වේ එක වතාවක් පමණක් බව ඇයගේ සැමියා කියයි..


කොවිඞ් 19 ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ධම්මික පැණිය පානය කළේ එක් අවස්ථාවකදී පමණක් බව ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතා පුවත්පතකට පවසා තිබෙනවා.

ඇමැතිනිය ධම්මික පැණිය එක හැන්දක් පමණක් මාධ්‍යයට දැක ගැනීමට ප‍්‍රසිද්ධියේ පානය කළ බවයි කාංචන ජයරත්න මහතා එහිදී පවසා ඇත්තේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ කාංචන ජයරත්න මහතා…

“ඇමැතිවරියට කොරෝනා ආසාදනය වීම පුදුමයක්. කොහෙන් බෝ වුණා ද කියලා අපිටත් ප‍්‍රශ්නයක්. හැබැයි ඇය කොරෝනා මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම විවිධ පුද්ගලයන් සග එක්ව වැඩ කළා.

ළඟදී දවසක ඇය උගුර ටිකක් රිදෙනවා කිව්වා හින්දා පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්වුණා. ඇමැතිනිය හික්කඩුව ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක පසුවනවා. අපි නිවසේ නිරෝධායන වෙනවා. නිවසේ වැඩ කරන ආරක්ෂක සේවයේ යෙදී සිටින සියලූම දෙනාත් පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළා. ඇමැතිනිය හැර අප කාටත් කොරෝනා වැළඳී නැති බව තහවුරු වුණා. ”


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads