වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 28 දෙනෙකු කොවිඩි 19 ආසාධිතයන් බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍ය්ලය පවසනවා.
කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනා ගනු ලැබූ එම පුද්ගලයින් 28 දෙනා ලගින්ම ඇසුරු කල ආශ්‍රිතයන් 145 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කල බවත් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් 540 දෙනෙකු PCR පරික්ෂණය සදහා යොමු කර ඔවුන්ව ද නිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කල බවත් මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අරුණ රන්දෙණිය අද (05) ප්‍රකාශ කර සිටියා.


