PCR පරීක්ෂණ වලට බාධා එල්ල වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ, PCR පරීක්ෂණ සිදුකරන ආයතනවල ඇතැම් නිලධාරීන්ට සහ සෞඛ්‍ය අංශයේ සැලකිය යුතු පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ, මේ හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදනය වූවන්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීමේ කටයුතු ද අඩාල වී ඇති බවයි.


