Type Here to Get Search Results !

තවත් ප්‍රදේශයකට සංචරණ සීමා..


කෑගල්ල ඇටෝරුවාව වත්ත ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට ඇතුළුවීම හා පිටවීම සීමාකර තිබෙනවා.

ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වීමෙන් පසු ආශ්‍රිතයින්ට සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂාවලින් පසුව එම ආසාදිතයින් හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

කෑගල්ල ඇටෝරුවාව වත්ත ප්‍රදේශයේ නිවෙස් 24න් 18ක්ම මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කළා.

මේ අතර දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඊයේ (03) නව ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් සීතාවක අපනයන සැකසුම් කලාපයේ සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads