බිම්මට්ටමේ සිදුවන කොවිඩ් මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන දත්ත සටහන් වල සඳහන් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
"ඊයෙ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ගෙ සංගමය විසින් ඉතාම නිවැරදිව සහ පැහැදිලිව කියනවා මේ බිම්මට්ටමේ සිදුවන මරණ වලින් සැලකියයුතු ප්‍රමාණයක් සංඛ්‍යාලේඛන විදියට එළියට එන්නෙ නෑ. ඒ හරහා මතුවෙලා තියෙන තත්වය තමයි සෞඛ්‍ය වෘත්තිකයින් දැඩි අපහසුතාවයකට පත්වෙලා තියෙනවා.
දැන් හොඳම උදාහරණය තමයි සාමාන්‍යෙන් ගමක මරණයක් සිද්ධ වුණාට පස්සෙ අවසානෙදි අපි ජාතික මට්ටමෙන් වසංගත රෝග විද්‍යා අංශයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දත්ත ප්‍රකාශ වෙනකොට ඒ ගමේ සිද්ධ වෙච්ච මරණය ඒ දත්ත පත්‍රිකාවට ඇතුළත් වෙන්නෙ නැත්නම් එතකොට ඒක කොවිඩ් මරණයක්ද නැද්ද කියන සැක සංකාව ඒ ඥාතීන් තුළ එනවා. බරපතළ ගැටුම්කාරී තත්වයක් මේ හරහා සමාජය හා සෞඛ්‍ය වෘත්තිකයින් අතර ඇතිවෙන්න පුළුවන් මේ මරණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම හරියට කළේ නැත්නම්" යනුවෙනුයි එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ.
වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


