Type Here to Get Search Results !

මිනී පෙට්ටි 182ක් ආදාහනය කෙරුණා. එච්චරයි මට කියන්න පුළුවන්. ආණ්ඩුව එතරම්ම අපට උදව් කළා


පෙරේදා (15) පැවති මඩකලපුව, කෝරලෙයිපත්තු, බටහිර ඔට්ටමාවඩු ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා කොවිඩ් මළසිරුරු ආදාහනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

“මිනීපෙට්ටි ආදාහනය කෙරුණා. එච්චරයි මට කියන්න පුළුවන්. පෙට්ටි 182ක් ආදාහනය කළා. මම එතනින් නවතිනවා. මේ ගැන නිල තොරතුරු තියෙනවා. සැඟවුණු තොරතුරුත් තියෙනවා. මේ සෑම දේකටම එහා ආණ්ඩුව මේ පිළිබඳ අපට ඒ තරම්ම උදව් කළා. ඔවුන්ගෙ ගැටළුව අපි තේරුම් අරන් තියෙනවා. අපේ ගැටළු ඔවුන් තේරුම් අරන් තියෙනවා. කොහොමද හදිසියේම මෘතදේහ 39ක් ගෙනාවෙ කියලා ඔයගොල්ලො හිතන්න හොඳ නෑ. මේකට තමයි අපි වැඩ කළේ” යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ.

නසීර් අහමඩ් මහතා 20 වැනි සංශෝධනයට සහාය පළ කරමින් ආණ්ඩු පක්ෂය සමග එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads