Type Here to Get Search Results !

බන්ධනාගාරයෙන් හමුවූ දුරකතනය රන්ජන්ගේ.. ඊසිකෑෂ් මගින් ලක්‍ෂ 05ක් දී ගෙන්වාගෙන… - ලොහාන් රත්වත්තේ


අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ තිබී හමුවූ නවීන ජංගම කරපු දුරකථනය එම බන්ධනාගාරයේ සිරගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ බව හෙළිවී තිබේ.

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා විසින් කිසියම් පුද්ගලයෙකුට ඊසිකෑෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා එම දුරකතනය ගෙන්වාගෙන ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.

ඉහත සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම වරද තහවුරු හොත් රාමනායක මන්ත්‍රීවරයාට බන්ධනාගාර පනත අනුව ක්‍රියා මාර්ග ගැනෙනු ඇතැයිද ඒ මහතා පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads