Type Here to Get Search Results !

69 ලක්‍ෂයෙන් 40 ලක්‍ෂයක් මීහරක් බයියෝ… ජනාධිපති ගැන මට දුකයි.. වටේ ඉන්නේ පිස්සන් හා ගොං නාම්බන් ටිකක්..


ජනාධිපතිතුමන් ගැන තමන්ට දුක බවත් පිස්සන් සහ ගොන් නාම්බන් ලං කරගෙන රට හදන්න නොහැකි බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ජනාධිපති දකින සිහින සැබෑ කර ගැනීමට නොහැකි බවත් ජනාධිපති වටේ සිටින්නේ නොම්මර එකේ මැස්සන් සහ කුක්කන් ටිකක් බවද ඔහු සඳහන් කළේය

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ හයිඩ් පිටියේදී පැවති සමගි ජන බලවේග පළමු සංවත්සර සභාව අමතමිනි.

ජනතාවට තුන්වේල කන්න බැරි තත්වයට අද රට පත්ව ඇතැයි ද පැවසූ ඔහු අද පාලකයන් උත්සාහ කරන්නේ ජනතාවගේ ජීවිතය ගොඩනැගීම නොව තමන්ගේ ජීවිත ගොඩනගා ගැනීම බව ද ඔහු එහිදී කියා සිටියේය.

අද මෙරට මධ්‍යම පන්තියක් නැති බවත් ඇත්තේ 80% ක් පමණ වන දුප්පත් ජනතාවක් බවත් එම පිරිස කෑම සොයාගන්නේ ද ඉතා අසීරුවෙන් බවත් ඔහු පැවසීය.

ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයෙන් 40 ලක්‍ෂයක් ඉන්නේ මීහරක් බයියන් බවත් ඉතිරි 29 ලක්‍ෂ බුද්ධිමත් පාවෙන ඡන්ද දායකයන් යයිද කීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads