Type Here to Get Search Results !

විමල් වීරවංශ මහතාට සහ රූපවාහිනී නාළිකා 03 කට රිෂාඩ් සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්


පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාට අපහාස වන ආකාරයේ ද්වේෂ සහගත ප්‍රකාශ සිදුකිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් මහතා විසින් ගොණුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර එය ලබන 31 වනදා තෙක් බලාත්මකයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රිෂාඩ් බදියුදීන් මහතා ඉලක්කර සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වමින් රූපවාහිනී නාලිකා තුනකටද දිසා විනිසුරුවරයා මෙම වාරණ නියෝගය පැනවුවා.

මුස්ලිම් අන්තවාදය හා පාස්කු කොමිසම යන මාතෘකාව යටතේ පසුගිය 9වනදා කොළඹ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට බලවත් හානියක් සිදුව ඇති බව පෙන්වා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොණුකර තිබෙනවා.

තම කීර්ති නාමයට සිදුව ඇති හානිය රුපියල් කෝටි 10ක් ලෙස තක්සේරු කර එය වගඋත්තරකරුවන්ගෙන් අයකරදෙන ලෙසත් එම පෙත්සම මගින් රිෂාඩ් බදියුදීන් මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ රූපවාහිනී නාළිකා 03 ක් මෙම පෙත්සමේ වගඋත්රකරුවන් ලෙස දක්වා ඇති අතර ඒ අනුව පෙත්සමට අදාලව කරුණු දැක්වීම සඳහා ලබන 30 වනදා අධීකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් වගඋත්තරකාර පාර්ශව වෙත නොතීසි නිකුත් කිරීමටද දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා නියෝග කළා. 


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads