Type Here to Get Search Results !

ඇමති විමලවීර නිලධාරීන්ට තර්ජනය කර අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මුදාගෙන ගිහින්..


රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඔහුගේ ආරක්ෂකයින්ද සමග අම්පාර මහඔය අඩවි වන කාර්යාලය ට පැමිණ එහි නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මුදා ගෙන ගොස් ඇතැයි අඩවි වන නිලධාරීහු සඳහන් කරති.

අත්අඩංගුවට ගත් සැකකරු මහඔය ටැම්පිටිය රක්ෂිතයේ විශාල ප්‍රමාණයේ ගස් විදුලි කියතකින් කුට්ටි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අයෙක් වුවද ඔවුන් කියා සිටිති.

සැකකරු මුදාගැනීමට අඩවි වන කාර්යාලයට කඩාගෙන පිරිස අතර මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සිටින බව නිලධාරීහු කියති.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරයා අම්පාර දිසා වන නිලධාරියාට දුරකතනයෙන් බැණ වැදී ඇති බව ද නිලධාරීන් පවසති.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads