කොත්මලේ රම්බොඩ දිය ඇල්ල අසල සංචාරක නිකේතනයකට පැමිණ අතුරුදහන්ව සිටි තරුයාව රම්බොඩ දිය ඇල්ල අසල රක්ෂිතයේ සිටියදි (14) දින උදැසන 10 ට පමණ සොයාගෙන එම තරුණයා කොත්මලේ ප්‍රාදේහිය රෝහල වෙත ඇතුලත් කල බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වජිර රත්නායක මහතා පැවසිය.
අනුරාධපුර ප්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයා තවත් තරුණයන් 08 දෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ ගොස් (13) දින පස්වරුවේ කොත්මලේ රම්බොඩ දිය ඇල්ල අසල සංචාරක නිකේතනයකට ගොස් නවාතැන් ගෙන ඇත.
(14) දින අලුයම 1 ට පමණ මෙ තරුණයන් පිරිස මත්පැන් සාදයක් පවත්වා ඇති අතර , එහිදි අතුරුදහන්ව සිටි තරුණයා එම සංචාරක හෝටලේ උඩු මහලේ ආලින්දයෙන් බිමට පැන රක්ෂිතය හරහා බැවුමේ පිහිටි රම්බොඩ දිය ඇල්ල පහලින් පිහිටි ගග දෙසට අදුරේම වෙරි මතින් ගොස් ඇත.
අතුරුදහන්ව සිටි තරුණයාව සොයා කොත්මලේ පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් (14) දින උදැසන රම්බොඩ දිය ඇල්ල රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කල අතර , එහිදි අතුරුදහන්ව සිටි තරුණයා රම්බොඩ ගග අසල රක්ෂිතයේ සැගවි සිටියදි සොයාගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
තරුණයාව පොලිස් නිලධාරින් සොයාගන්නා අවස්තාවේ ඔහු බිය වි දැඩි විජලන තත්ත්වයෙන් සහ සුළු තුවාල තත්ත්වයෙන් සිටි නිසා මෙහෙයුමට සම්බන්ධ වු පොලිස් නිලධාරින් විසින් සොයාගත් තරුණයාව රක්ෂිතයෙන් ප්‍රධාන මාර්ගයට ගෙන රෝහල් ගත කල බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ


