පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඩුබායිහිදී මියගොස් ඇති බව අනාවරණය වේ.
කොරෝනා රෝගය වැළදීමෙන් මෙම මරණය සිදුව ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවත්ත දිනුක යනු කලක් කෙසෙල්වත්ත ප්‍රදේශය හොල්ලාගෙන සිටි නීල්ගේ පුත්‍රයාය.
පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන දිනුක මධුශාන් හෙවත් ‘කෙසෙල්වත්තේ දිනුක’ හෘදයාබාධයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී ඇති බවට තොරතුරු වාර්තා
කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ඔහු පසුකාලීනව ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් තිබුණා.
එහි සිට ද මෙරට මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වූ අතර ඔහුගේ ගෝලයන් කිහිප දෙනෙකු ද පසුගිය කාලසීමාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.


