Type Here to Get Search Results !

රටම අනතුරේ: කොරෝනා තුන්වන රැල්ල අත ළග..


එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට රජය ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මැයි මාසය අග සහ ජුනි මාසය වනවිට තුන්වන කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ දැඩි අවදානම් තත්වයක් උද්ගත වනු ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවා ඇත.

එසේ වුවහොත් රට දැඩි ව්‍යසනයකට මුහුණ දෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ හලාවත පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඉකුත් දෙසැම්බර් මාසයේදී පැවති නත්තල් උත්සවයෙන් පසුව රට තුල කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමක් දක්නට ලැබූ බවත් එළඹෙන උත්සව සමයේදී ජනතාව ස්වයං පාලනයකින් තොරව කටයුතු නොකළහොත් මැයි මාසය අග භාගය වන විට කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යාමක රට තුළ දක්නට ලැබෙනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ හේතුවෙන් යම් සංචරණ සීමා පැනවීමට සහ නිසි මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කටයුතු කළ යුතු බවද ඔහු මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads