මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 796 ක් හඳුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 99,518 ක් දක්වා ඉහළ යනු ඇති.
මේ අතර කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැවූ 151 දෙනෙක් අද දිනයේ පිටවගොස් තිබෙනවා.
ඒ අනුව කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 94,036 දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.


